News & Updates

The latest activities, ceremonies, and updates from the High Court.

News Image
Report Oct 14, 2025

කොළඹ සිවිල් අභියාචන මහාධිකරණයේ නව අතිරේක සිවිල් අභියාචන මහාධිකරණයක් ස්ථාපිත කෙරේ

කොළඹ සිවිල් අභියාචන මහාධිකරණයේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සඳහා අගවිනිසුරු ප්‍රිති පද්මන් සුරසේන මහතාගේ උපදෙස් පරිදි නව අතිරේක සිවිල් අභියාචන මහාධිකරණයක් ස්ථාපිත කර ඇත. නව අතිරේක සිවිල් අභියාචන මහාධිකරණයේ කටයුතු අද (13) සිට ක්‍රියාත්මක වන අතර, 2006 අංක 54 දරන පළාත් මහාධිකරණ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනතේ 5B වගන්තිය ප්‍රකාරව සිවිල් අධිකරණ බලය ක්‍රියාත්මක කිරීම සඳහා පිහිටුවන ලද නව අධිකරණය සඳහා මහාධිකරණ විනිසුරුවරුන් ලෙස අගවිනිසුරුරයා, මහාධිකරණ විනිසුරු හසිත සමන් පොන්නම්පෙරුම සහ මහාධිකරණ විනිසුරු චින්තක ශ්‍රීනාත් ගුණසේකර යන මහත්වරුන් පත් කර තිබේ. අධිකරණ ක්‍රියාවලිය වේගවත් කිරීම සහ අධිකරණ පද්ධතිය කෙරෙහි මහජන විශ්වාසය ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් අල්ලස් නඩු, කාන්තාවන් සහ ළමයින් සම්බන්ධ නඩු විභාග කිරීම සඳහාද අගවිනිසුරුවරයාගේ උපදෙස් පරිදි වෙනම අධිකරණ ස්ථාපිත කිරීමට කටයුතු කර ඇත.

Read More
News Image
Report Oct 13, 2025

නව අතිරේක සිවිල් අභියාචන මහාධිකරණයක්

කොළඹ සිවිල් අභියාචන මහාධිකරණයේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා නව අතිරේක සිවිල් අභියාචන මහාධිකරණයක් ස්ථාපිත කර තිබේ. අගවිනිසුරු ප්‍රිති පද්මන් සුරසේන මහතාගේ උපදෙස් පරිදි නව අතිරේක සිවිල් අභියාචන මහාධිකරණය ස්ථාපිත කර ඇති බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය සඳහන් කළේය. එහි කටයුතු අද සිට ක්‍රියාත්මක වන අතර එහි මහාධිකරණ විනිසුරුවරුන් ලෙස අගවිනිසුරුවරයා විසින් මහාධිකරණ විනිසුරු හසිත සමන් පොන්නම්පෙරුම සහ මහාධිකරණ විනිසුරු චින්තක ශ්‍රීනාත් ගුණසේකර යන මහත්වරුන් පත් කර තිබේ.

Read More
News Image
Report Jun 28, 2007

සිවිල් අභියාචනා මහාධිකරණය විවෘත කිරීම හෙට

ඇම්. ඩී. සිසිල ගුණතිලක පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණ පිහිටුවීමේ වැඩපිළිවෙළ යටතේ බස්නාහිර පළාතේ පිහිටුවන ලද කොළඹ සිවිල් අභියාචනා මහාධිකරණය හෙට 29 වැනි දින පස්වරු 2.30 ට අග විනිසුරු සරත් එන්. සිල්වා මහතා අතින් කොළඹ 12 අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ දී විවෘත කෙරේ. මේ අවස්ථාවට අධිකරණ සහ නීති ප්‍රතිසංස්කරණ ඇමැති අමරසිරි දොඩන්ගොඩ, අධිකරණ ඇමැති ඩිලාන් පෙරේරා, අධිකරණ සහ නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් සුහද කේ. ගම්ලත් මහත්වරුද සහභාගිවීමට නියමිතය.

Read More
×